උණ රෝගී තත්ත්වයක් පැතිරයාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට (13) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ, සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.
පාසල් ළමුන් 56 දෙනෙකු පමණ උණ රෝගී තත්ත්වයට ලක්වීම හේතුවෙන් පාසල් 4ක් පසුගිය දිනවල වසා දැමූ අතර, මේ වනවිට සෞඛ්යාරක්ෂිත පරිසරයක් සකස් කර ඇති බවද වාර්තා වෙයි.
දෙනියායේ වසා දැමුණු පාසල් හෙට සිට යළි විවෘතයි

