දකුණු පළාතේ ස්ථාන තුනක සිදුකළ වැටලීම්වලදී පරිගණක හා සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැකපිට විදේශීය ජාතිකයින් 198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්රී ලංකා පොලීසිය පවසයි.
මිදිගම, හික්කඩුව සහ ගාල්ල යන ප්රදේශවලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර ඉන්දීය ජාතිකයින් 174 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 25 දෙනෙකු සිටින බව වාර්තා වෙයි.
සැකකරුවන් සංචාරක වීසා මත මෙරටට පැමිණ රැකියාවල නිරතවීම, වීසා නොමැතිව රැඳී සිටීම සහ සයිබර් අපරාධවල නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
දකුණේ ස්ථාන තුනක සයිබර් අපරාධ වැටලීම් — විදේශිකයින් 198ක් අත්අඩංගුවට

