Saturday, March 14, 2026
Homeදේශීයදෙසැම්බරයේ මුල් දින 8 තුළ මෙරටට පැමිණි සංචාරකයින් 50,000 ඉක්මවයි...

දෙසැම්බරයේ මුල් දින 8 තුළ මෙරටට පැමිණි සංචාරකයින් 50,000 ඉක්මවයි…

දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 50,222ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත අනුව, දෙසැම්බර් මස මුල් දින 08 තුළ ඉන්දියාවේ සිට සංචාරකයින් 10,453ක් පැමිණ ඇති අතර එය සමස්ත සංඛ්‍යාවේ 21% ක් වේ.

රුසියාවෙන් 5,420ක්, ජර්මනියෙන් 4,822ක්, එක්සත් රාජධානියෙන් 3,823ක්, චීනයෙන් 2,627ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 2,594ක් දෙසැම්බර් පළමු දින 08 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ වනවිට 2025 ජනවාරි 01 සිට දෙසැම්බර් 08 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 2,153,815ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද අධිකාරිය සඳහන් කරයි.

එම සංඛ්‍යාවෙන් ඉන්දියාවෙන් 485,249ක්, රුසියාවෙන් 164,013ක් සහ එක්සත් රාජධානියෙන් 195,565ක් මෙරටට පැමිණ ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments