Homeසියලුම පුවත්දෙහිවල බෝම්බ ප්‍රහාරයට සැක ත්‍රිරෝද රථය බෝපේ ප්‍රදේශයෙන් හමුවෙයි

දෙහිවල බෝම්බ ප්‍රහාරයට සැක ත්‍රිරෝද රථය බෝපේ ප්‍රදේශයෙන් හමුවෙයි

දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන ත්‍රිරෝද රථයක් ඉහළ බෝපේ ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබේ.

අද (11) අලුයම 3.00ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් එම නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, සැකකරු ත්‍රිරෝද රථයකින් එම ස්ථානයට පැමිණෙන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණි.

පොලීසිය සඳහන් කළේ සැකකරු නිවසේ දොරට තට්ටු කර, නිවැසියන් දොර විවෘත කළ අවස්ථාවේදී නිවස තුළට අත්බෝම්බයක් එල්ල කර ඇති බවයි.

ප්‍රහාරයෙන් නිවසේ නිදා සිටි 11 හැවිරිදි සහ 17 හැවිරිදි දරුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

එමෙන්ම ප්‍රහාරයෙන් 55 හැවිරිදි දරුවන්ගේ පියාගේ පාදයකටද තුවාල සිදුව ඇති බව වාර්තා වන අතර, ඔහු සම්බන්ධයෙන් කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධියට අදාළ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද උදෑසන සිදුකර තිබේ.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments