Thursday, February 12, 2026
Homeදේශීයඅසූචි පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැවක් ලබා දීමට නොහැකි

අසූචි පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැවක් ලබා දීමට නොහැකි

හරවා යැවූ චීන කාබනික පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැවක් මෙරටට ලබා දීමට නොහැකි බව චීනයේ චින්දාවෝ සීවින් බයෝටෙක් (Qingdao Seawin Biotech) සමාගම දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ජාවකදී එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සමාගම මේ පිළිබඳව දැනුම්දී ඇති බවත් යම් හෙයකින් ප්‍රතික්ෂේප කෙරුණු පොහොර තොග ශ්‍රී ලංකාව විසින් භාර නොගන්නේ නම්, ඒ වෙනුවෙන් වන්දියක් පවා ගෙවීමට සිදුවනු ඇතැයි ඔවුන් එහිදී අනතුරු අඟවා ඇති බවත් සඳහන්.

ප්‍රතික්ෂේප වූ පොහොර තොගය වෙනුවට නව පොහොර තොගයක් ලබාදිය නොහැකි බව චීන සමාගමේ මෙරට නියෝජිතයා දැනුම් දී ඇති අතර සිය සමාගම ලබා දෙන පොහොර තොගය භාර නොගෙන ප්‍රතික්ෂේප කරන්නේ නම් එම සමාගම අපකීර්තියට පත් කළා සේ සලකන බවත් ඔවුන් පෙන්වාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තමන් වෙත පැවසූ බවට හිරු පුවත් සේවය වාර්තා කරනවා.

ඒ අයුරින් චීන සමාගම අපකීර්තියට පත් කිරීමක් ලෙස සැලකුවහොත් ඊට අදාලව වන්දි ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් ගෙවීමට සිදුවනු ඇතැයි ද මෙරට නියෝජිත සමාගම කෘෂිකර්ම අමාත්‍යංශ බලධාරීන්ට පෙන්වා දී ඇති අතර එම වන්දි මුදල නොගෙවන්නේ නම්, එය දෙරට අතර පවතින මිත්‍රශීලී ගනුදෙනු සඳහා ඇති කරනු ලබන සෘණාත්මක බලපෑම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇත්තේ චීන පොහොර සමාගමේ දේශීය නියෝජිත සමාගම කළ අනතුරු ඇඟවීම අනුවයි.

ප්‍රතික්ෂේපිත චීන පොහොර නැවට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදල මේ වන විට ගෙවා අවසන්.

නමුත් මේ වන තුරුත් ගෙවූ මුදලට සරිලන අයුරින් කිසිදු පොහොර තොගයක් මෙරටට ලැබී නැහැ.

RELATED ARTICLES

Most Popular

Recent Comments