Thursday, November 13, 2025
Homeදේශීයකොවිඩ් හේතුවෙන් ඉහල දැමූ බස් ගාස්තු පහලට

කොවිඩ් හේතුවෙන් ඉහල දැමූ බස් ගාස්තු පහලට

අද (අගෝ. 4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14%කින් පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා පහළ යනු ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා ප්‍රකාශ කළේ, මිල සංශෝධනය පෞද්ගලික බස් රථ සහ ශ්‍රී ලං.ග.ම බස් රථවලට ද අදාළ වන බව ත් එය සාමාන්‍ය බස් ගාස්තු සඳහා පමණක් බලපැවැත්වෙන බව ත් ය.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා මේ බව පැවසීය.

2020.11.20 වනදා වැඩිකරපු 20%න් 10%ක ප්‍රමාණයක බස්ගාස්තුවක් අඩුකරන්න. දෙවැනි කාරණය පසුගිය දා ඩීසල් මිල රු 10කින් අඩු කෙරුණා. එම ගණනය කිරීම අනුව 1.14%ක අඩුවීමක් අපි ගණනය කරා. මේ කරුණු දෙකම ගණනය කරාම 11.14%ක බස් ගාස්තු අඩුවීමක් සිදුවෙනවා. එය සිදුවන්නේ සාමාන්‍ය සේවාවන්වලට පමණයි. ඒ අනුව ශ්‍රී ලංකාව පුරා ධාවනය වන ලංගම බස්රථ, අන්තර් පළාත් බස්රථ, පළාත් බස්රථ සියල්ලෙහිම සහ ගම්බද ප්‍රදේශවල ධාවනය වන ගැමිසැරිය සහ උදෑසන හා රාත්‍රි සේවාවන් ලෙස නිසිසැරිය හා පාසල් දරුවන්ගේ සිසුසැරිය හා මෑතකදී ආරම්භ කළ පොදු පාසල් සේවය නමින් එම සේවාවන්වලත් මෙම ගාස්තුව අඩුවෙනවා. ඒ අනුව සාමාන්‍ය බස්රථ සේවාවන්ගේ බස් ගාස්තුව 11.14කින් අඩුවෙනවා. ඒ අනුව අවම ගාස්තුව රු 38 සිට රු 34 දක්වා අඩුවෙනවා. මේ අඩුවීම අවස්ථා 350දක්වා ක්‍රියාත්මකයි. 350 අගය රු 2,882 සිට රු 2,611 දක්වා අඩුවෙනවා. මේ අඩුවීම අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ක්‍රියාත්මකයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments