Monday, January 5, 2026
Homeදේශීයපාස්කු ප‍්‍රහාරය ගැන නැවත පරීක්‍ෂණ අනවශ්‍යයි…- ඇමරිකා FBI ආයතනය ලංකාවට දැනුම් දෙයි

පාස්කු ප‍්‍රහාරය ගැන නැවත පරීක්‍ෂණ අනවශ්‍යයි…- ඇමරිකා FBI ආයතනය ලංකාවට දැනුම් දෙයි

ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රහාරය සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකාවේ එෆ් බී අයි ආයතනයෙන් ඉල්ලීමක් කලත් මීට පෙර ඒ ගැන පරීක්ෂණයක් කළ බැවින් නැවත එවැන්නක් කිරීමේ අවශ්‍යතාවයක් නැති බව එම ආයතනයට රජයට දැන් වූ බව විදේශ කටයුතු ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

එම ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විධිමත් ලෙස පරීක්ෂණ පවත්වා ඇති බැවින් ඒ පිළිබඳ නැවත විමර්ශන පැවැත්විය යුතු නැති බව රජයේ ස්ථාවරය බවද හෙතෙම පැවසීය.

අදාල ප්‍රහාරය සිදු වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය, ඇමරිකාවේ එෆ් බී අයි ආයතනය, ඉන්ටපෝල් ආයතනය එක්ව පරීක්ෂණ සිදුකළ බවත් එහි තොරතුරු නීතිපතිවරයාට ලබාදුන් පසු අදාළ තොරතුරු මත විශාල පිරිසකට එරෙහිව නඩු පවරා ඇති බව හෙතෙම කියා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments