Homeසියලුම පුවත්හෙට වැඩවර්ජනයට එක්වනවාද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ තීරණය අද

හෙට වැඩවර්ජනයට එක්වනවාද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ තීරණය අද

හෙට (30) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනයට සහාය ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (29) ප්‍රකාශයට පත් කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.ඒ අනුව, වැඩවර්ජනයට සහාය ලබාදීම සම්බන්ධයෙන් අද උදෑසන පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණයක් ගැනීමට නියමිතය.මේ අතර, ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේදී මේ වන විට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බවද එම සංගමය සඳහන් කරයි.විශේෂයෙන් ඉන්ධන බෙදාහැරීමේ ආයතන දෙකක් විසින් බෙදුම්කරුවන්ට ලබාදුන් වට්ටම් ප්‍රතිශත අසාධාරණ ලෙස අඩු කිරීම, අනීතික ලෙස වැට් බදු අය කිරීම සහ පෞද්ගලික සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලබා නොදීම එම ගැටලු අතර වේ.එමෙන්ම, බෙදුම්කරුවන්ගේ ගැටලු විසඳීම සඳහා රජය සහ කළමනාකාරීත්වය මැදිහත් නොවීම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති බවද සංගමය පෙන්වා දෙයි.මෙම පසුබිම තුළ හෙට දිනයේ පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනයට සහාය ලබාදෙන ලෙස ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් සිය සංගමයට ඉල්ලීම් ලැබෙමින් පවතින බවද සඳහන් වේ.ඒ අනුව, සංගමයේ විධායක සභාව ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments