Homeසියලුම පුවත්ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයේ වෙඩි හඬක් – ට්‍රම්ප් ආරක්ෂිතව ඉවත්...

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයේ වෙඩි හඬක් – ට්‍රම්ප් ආරක්ෂිතව ඉවත් කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් සහභාගී වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬක් හේතුවෙන් එම ස්ථානයේ කැලඹීමක් ඇතිව තිබේ.
මෙම සිදුවීම වොෂින්ටන් නගරයේ වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැති වාර්ෂික සංග්‍රහය අතරතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධියෙන් අනතුරුව දැඩි ආරක්ෂාව යටතේ ජනාධිපතිවරයා ඇතුළු පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, සැකකරු එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.
එසේම, තුවක්කුවක් අතැති පුද්ගලයෙකු ආරක්ෂක පරීක්ෂණ හරහා ඇතුළු වීමට උත්සාහ කළ බවට ද තොරතුරු අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments