Homeසියලුම පුවත්ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට ගසක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට ගසක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙම අනතුර ඊයේ (22) රාත්‍රියේ ඇඹිලිපිටිය මහවැලි නිළ නිවාස ප්‍රදේශයේදී සිදුව ඇති අතර, එහිදී යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල්ගත කරන විටත් යතුරුපැදිකරු මියගොස් සිටි අතර, පසුපැදිකාරිය මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.
මරණකරු වයස අවුරුදු 45ක් වූ පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments