Homeසියලුම පුවත්ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක්

ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක්

කන්කසන්තුරය සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් නැවත දැනුම්දෙන තුරු වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර, එම ප්‍රදේශ ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බව සඳහන් වේ.
මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට එම මුහුදු කලාපවලට යාත්‍රා නොකරන ලෙස දැනුම් දී ඇත.
එමෙන්ම, ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි අතර, මුහුද විටින් විට රළු විය හැකි බවද අනතුරු අඟවා තිබේ.
මීට අමතරව, මන්නාරම සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments