විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ නවසීලන්ත නිල සංචාරයට සමගාමීව ඊයේ (28) මෙම කාර්යාලය විවෘත කර ඇත.
මෙමගින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
විවෘත කිරීමේ අවස්ථාවට නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජිතයින්ද එක්ව සිටියහ.
නව කාර්යාලය මඟින් නවසීලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට වඩාත් කාර්යක්ෂම කොන්සියුලර් සේවා සැපයීමටද අපේක්ෂා කෙරේ.
නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා නව මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් විවෘත කර තිබේ.

