Homeසියලුම පුවත්නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ.
අද (15) පස්වරු 4.00 සිට හෙට (16) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය, කළුතර දිස්ත්‍රික්කය, මහනුවර දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසකට දෙවන අදියර යටතේ අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.
එමෙන්ම දිස්ත්‍රික්ක කිහිපයක තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට පළමු අදියර යටතේ විමසිලිමත් වන ලෙසද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments