නාවලපිටිය මාපාකන්ද ප්රදේශයේදී ත්රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ තිදෙනාගේ අවසන් කටයුතු ඊයේ (06) පස්වරුවේ සිදුකර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පාසල් සිසුවෙකු, ඔහුගේ මව සහ අසල්වාසී කාන්තාවකි.
පසුගිය 04 වනදා සිදුවූ මෙම අනතුරේදී, ප්රධාන මාර්ගය අසල තිබූ විශාල ගසක් ත්රිරෝද රථය මතට කඩා වැටීමෙන් මෙම මරණ සිදුවී ඇති අතර ප්රදේශයේ ජනතාව දැඩි කම්පනයට පත්ව සිටී.
අදාළ මාර්ගය දෙපස තවදුරටත් කඩා වැටීමේ අවදානමක් ඇති ගස් රැසක් පවතින බවද ඉඩම් හිමියන් පෙන්වා දෙන අතර, ඒවා ඉවත් කිරීම සඳහා නිසි පියවර ඉක්මනින් ගත යුතු බවද අවධාරණය කරති.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අදාළ බලධාරීන් විසින් සිදුකරමින් පවතී.
නාවලපිටියේ ඛේදවාචකයෙන් මියගිය තිදෙනා අවසන් ගමනේ

