නිදන් සොයා කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කැණීම් සඳහා භාවිත කළ උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් වන්දම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අලව්ව සහ බුත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
ඔවුන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

