හෝමාගම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී නීත්‍යානුකූල නොවන අයුරින් මුල් ආකෘතිය වෙනස් කර සකස් කළ යතුරුපැදි 16ක් සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
හෝමාගම මූලස්ථාන පොලීසියේ රථවාහන අංශය විසින් ඝෝෂාකාරී ශබ්ද නඟමින් අධික වේගයෙන් හා අනතුරුදායක ලෙස ධාවනය වන යතුරුපැදි ඉලක්ක කර ගනිමින් ප්‍රදේශ කිහිපයක මෙම වැටලීම් සිදුකර තිබුණි.
එහිදී සයිලන්සර් වෙනස් කර ශබ්දය වැඩි කළ, පැති කණ්නාඩි නොමැති, මඩ කවර ඉවත් කළ, අංක තහඩු නොමැති සහ ආලෝක පද්ධති නීතිවිරෝධී ලෙස වෙනස් කළ යතුරුපැදි 16ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් යතුරුපැදි වැඩිදුර පරීක්ෂණ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සැකකරුවන් ඇප මත මුදාහැර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
ඔවුන් ලබන 22 වැනිදා හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.

