Thursday, November 13, 2025
Homeවිදේශීයනෙදර්ලන්තයේ සරසවි සිසුවෙක් තිදෙනෙකුට වෙඩිතබයි..

නෙදර්ලන්තයේ සරසවි සිසුවෙක් තිදෙනෙකුට වෙඩිතබයි..

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදු කළ වෙඩි තැබීමකික් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රොටර්ඩෑම් නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක සිදුකළ වෙඩි තැබීම් දෙකකින් ඔවුන් මෙලෙස මියගොස් ඇති බවය.

මියගිය අය අතර කථිකාචාර්යවරයෙකු ද වන අතර කාන්තාවක් සහ ඇයගේ දියණිය ද වෙඩි වැදීමෙන් මියගොස් ඇත.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා නෙදර්ලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments