Homeසියලුම පුවත්නේපාලයට ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

නේපාලයට ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින නේපාලයට මානුෂීය ආධාර ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2026 අගෝස්තු 26 වැනිදා උතුරු නේපාලයේ රඝුවා දිස්ත්‍රික්කයට බලපෑ හදිසි ගංවතුර හේතුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දේපොළ හා යටිතල පහසුකම්වලටද දැඩි හානි සිදුව තිබේ.

ආපදා තත්ත්වයේ බරපතළභාවය හේතුවෙන් නේපාල රජය සහ ජනතාව දැඩි මානුෂීය අර්බුදයකට මුහුණදී සිටින අතර, අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම්, තවදුරටත් ගංවතුර ඇතිවීමේ අවදානම සහ විශාල යටිතල පහසුකම් හානි හේතුවෙන් කඩිනම් සහන හා ප්‍රතිසාධන සහාය අවශ්‍යව ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා මෙන්ම දෙරට අතර ඇති ශක්තිමත් සංස්කෘතික හා ආගමික බැඳීම්ද සැලකිල්ලට ගනිමින් මෙම ආධාරය ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව, නේපාල රජය වෙත මානුෂීය ආධාරයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments