Monday, December 15, 2025
Homeදේශීයනොරොච්චෝලේ බිඳවැටීමක්

නොරොච්චෝලේ බිඳවැටීමක්

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ එලෙස අක්‍රිය වී ඇත්තේ අප්‍රේල් මාසයේ දී අලුත්වැඩියා කිරීමට නියමිතව තිබූ ජනන යන්ත්‍රයක් බවය.

කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ දැනට පවතින ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන විදුලිබලාගාර හරහා අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments