Friday, January 23, 2026
Homeදේශපාලනපක්ෂ නායක රැස්වීමේ තීරණ කථානායක නිල වශයෙන් ජනපතිට දැනුම් දෙයි

පක්ෂ නායක රැස්වීමේ තීරණ කථානායක නිල වශයෙන් ජනපතිට දැනුම් දෙයි

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ WhatsApp ඔස්සේ ජනපති ට නිල වශයෙන් දැනුම්දීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගෙන තිබේ.

කථානායක කාර්‍යාලය ඒ බව නිවේදනය කළේය.

ඒ අනුව ජනාධිපතිගේ සහ අගමැතිගේ ධුරයෙන් ඉවත් වීම පක්ෂ නායකයින් බලාපොරොත්තු වන බව සඳහන් කොට තිබේ.

අද දහවල් ජනතා විරෝධය මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දන්වා සිටියේ පක්ෂ නායකයින් එකතු වී ගන්නා තීරණයකට තමන් එකඟ වන බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ දන්වා සිටියේ තමන් ඉවත් වීමට සුදානම් බවත් බහුතරය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවන තුරු තමන් ධුරයේ රැඳී සිටින බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments