2027 වර්ෂයට අදාළ පාසල් විභාග පැවැත්වෙන දිනයන් විභාග කොමසාරිස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2027 අගෝස්තු 01 දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අ.පො.ස. උසස් පෙළ විභාගය 2027 අගෝස්තු 03 සිට අගෝස්තු 28 දක්වා පැවැත්වීමට නියමිතය.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2027 ඔක්තෝබර් 24 දින පැවැත්වෙන බව සඳහන් වේ.
මේ අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2027 දෙසැම්බර් 07 සිට දෙසැම්බර් 17 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.
2027 විභාග පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

