හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය මංසන්ධියේ සවිකර ඇති මාර්ග සංඥා පද්ධතියේ ඇතිව තිබෙන දෝෂයක් හේතුවෙන් මේ දිනවල රියදුරන් දැඩි අපහසුතාවකට පත්ව සිටී.
කොට්ටාව දෙසට දිවෙන මාර්ගයේ සවිකර ඇති මාර්ග සංඥා පද්ධතියේ රතු සහ කොළ සංඥා දෙකම එකවර දැල්වීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් මහරගම පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ප්රදේශවාසීන් බොහෝ දෙනෙකුද මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇත.
පවතින තත්ත්වය හමුවේ මාර්ග අනතුරක් සිදුවීමේ අවදානමක් ඇති බවට ජනතාව බිය පළ කරන අතර, අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් වී මෙම දෝෂය නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

