පලෙයි කැලය තුළ LTTE ත්‍රස්තවාදී කඳවුරක් පවතින බවට සමාජ මාධ්‍යයේ හුවමාරු වූ සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එවැනි කිසිදු ත්‍රස්තවාදී කඳවුරක් එම ස්ථානයේ නොමැති බවය.
සිදුව ඇත්තේ අදාළ රක්ෂිතයේ කොටසක් පුද්ගලයෙකු අනවසරයෙන් එළිකර තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවත්, ඒ තුළ එම ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ නමුත් මෙම කැලයේ කොටසක් අනවසරයෙන් හෙළි කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාට එරෙහිව නඩු පවරා ඇති බවත්, ඒ අනුව එම පුද්ගලයාට එරෙහිව නඩු 7ක් පවරා ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

