Homeසියලුම පුවත්පසුගිය මාසයේ අන්තර්ජාල මූල්‍ය වංචා පැමිණිලි 360 ඉක්මවයි

පසුගිය මාසයේ අන්තර්ජාල මූල්‍ය වංචා පැමිණිලි 360 ඉක්මවයි

ගෙවී ගිය මාසය තුළ අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැමිණිලි 360කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පවසයි.
එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, අන්තර්ජාලය හරහා මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේදී ජනතාව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි.
වෙසක් සහ පොසොන් උත්සව සමය ඉලක්ක කර ගනිමින් ප්‍රසිද්ධ වෙළෙඳ නාමවල නමින් ව්‍යාජ දැන්වීම් පළ කරමින් පුද්ගලික හා බැංකු තොරතුරු ලබාගැනීමේ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
එබැවින්, අන්තර්ජාලය හරහා ගෙවීම් සිදු කිරීමේදී නිවැරදි වෙබ් අඩවිය භාවිත කරන බව තහවුරු කර ගන්නා ලෙසත්, කෙටි පණිවිඩ හෝ සැක සහිත සබැඳි මඟින් ලැබෙන වෙබ් අඩවිවලට පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන ලෙසත් ජනතාවට උපදෙස් ලබාදී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments