දිවයින පුරා ක්‍රියාත්මක නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පළාත් කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
අද (02) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම අවවාදාත්මක නිවේදනය හෙට (03) පෙරවරු 11.30 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු බව සඳහන් වේ.
ඒ අනුව උතුරු මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටද විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගවත් සුළං හමා යාමේ හැකියාවක් පවතින බව කාලගුණ අංශය පෙන්වා දෙයි.
එම නිසා පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

