Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට මි.මී 75ට වැඩි තරමක තද වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී 75ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් කර තිබේ.

ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මේ අතර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තද සුළං විටින් විට ඇති විය හැකි බව දැනුම් දී තිබේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments