සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි සහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවත්, අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් දැනුම් දී ඇත.
ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි ගැන අනතුරු ඇඟවීමක්

