Homeසියලුම පුවත්ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍යම පරිමාණ ජලාශ 9ක් තවදුරටත් වාන් දමයි

ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍යම පරිමාණ ජලාශ 9ක් තවදුරටත් වාන් දමයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 9ක් තවදුරටත් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඒ අනුව දැදුරුඔය, රාජාංගනය, අලිකොටආර, අඹකොලවැව, අතරගල්ල සහ අඹේවෙල යන ජලාශවල වාන් දොරටු මේ වන විට විවෘත කර තිබේ.දැදුරුඔය ජලාශයේ අඩි දෙක බැගින් වූ වාන් දොරටු දෙකක් සහ අඩිය බැගින් වූ වාන් දොරටු හතරක් විවෘත කර ඇති බව ද වාර්තා වේ.එමෙන්ම රාජාංගනය ජලාශයේ අඩි තුන බැගින් වූ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මීට අමතරව තුරුවිල වැව, අංගමුව සහ වෙනුරොව වැව යන මධ්‍යම පරිමාණයේ ජලාශවල ද වාන් දොරටු විවෘත කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments