Homeසියලුම පුවත්ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන්

ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, තම පාලනය යටතේ පවතින ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වනවිට වාන් දමමින් පවතින බවයි.
අද (13) පෙරවරු 6.00 වනවිට මෙම තත්ත්වය වාර්තා වී ඇති අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ජලය මුදාහැරෙමින් පවතින බව සඳහන් වේ.
විශේෂයෙන් රාජාංගන ජලාශය, ලුණුගම්වෙහෙර ජලාශය සහ දැදුරුඔය ජලාශය ඇතුළු ජලාශ කිහිපයකින් විශාල ජල ප්‍රමාණයක් නිකුත් කෙරේ.
මේ හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments