Homeසියලුම පුවත්හර්ෂගේ දේශපාලන අනාගතය ගැන ෆේස්බුක් සටහනක්

හර්ෂගේ දේශපාලන අනාගතය ගැන ෆේස්බුක් සටහනක්

හර්ෂ ද සිල්වා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සිය ඉදිරි දේශපාලන ගමන, පක්ෂ ස්ථාවරය සහ රට පිළිබඳ දැක්ම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
තමන් දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කිරීමේ අරමුණින් බව සඳහන් කර ඇති ඔහු, පටු දේශපාලන වාසි වෙනුවෙන් කිසිදු තීරණයක් නොගන්නා බවද අවධාරණය කර ඇත.
එමෙන්ම, මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කඳවුරෙන් ඉවත්වීමේ අදහසක් නොමැති බවත්, වත්මන් ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවත් ඔහු පවසා තිබේ.
රටේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් වත්මන් ආණ්ඩුවට එරෙහි දේශපාලන සටන තවදුරටත් ශක්තිමත් කරන බවද හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments