Homeසියලුම පුවත්ප්‍රබල අකුණු ගැන ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය අද (07) රාත්‍රී 11.30 දක්වා වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම්දී තිබේ.

එම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව සඳහන් වේ.

අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments