Saturday, March 14, 2026
Homeweatherප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්…

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මෙම නිවේදනය අද (12) දහවල් 12.30ට නිකුත් කර ඇති අතර, අද රාත්‍රී 11 වන තෙක් වලංගු වේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද සඳහන් කරයි.

අකුණු හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments