ලබාදීම ප්‍රමාද වී ඇති සියලුම වාහන අංක තහඩු මාස 6ක කාලයක් තුළ ලබාදී අවසන් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
එහි කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සියලු ප්‍රමාද වූ අංක තහඩු ලබාදීමෙන් අනතුරුව වාහනයක් ලියාපදිංචි කිරීමෙන් සතියක් ඇතුළත එහි අංක තහඩු ලබාදීමට කටයුතු කරන බවයි.
අද (09) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

