Sunday, November 16, 2025
Homeසියලුම පුවත්පාන් බනිස්, කොත්තු රයිස් සියල්ලේ යලිත් මිල ඉහලට

පාන් බනිස්, කොත්තු රයිස් සියල්ලේ යලිත් මිල ඉහලට

කොත්තු, රයිස් හා බත් පැකට්ටු ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල 10% කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඉන්ධන මිල ඉහල යාමත් සමග සියලුම භාණ්ඩවල මිල වැඩිවීම හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම අද අලුයම සිදුකල ඉන්ධන මිල ඉහළ යාමත් සමග අත්‍යවශ්‍ය ආහාර හා ප්‍රවාහන ගාස්තු ඇතුළු සියලු දේ නැවත වටයකින් ඉහළ යාමට නියමිතව තිබේ.

බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මේ වන විටත් බස් සංගම් අතර සාකච්ඡා සිදු කරමින් පවතියි. බස් සංගම් ආරංචි මාර්ග පවසා සිටින්නේ බස් ගාස්තු 35%කින් වැඩි කිරීමට අදාළ සාකච්ජාවේ තීරණය කරන බවයි.
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනයන්ගේ මිල ඉහල යාම සම්බන්ධයෙන් අද දිනයේ දැනුම් දීමට නියමිතව ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය ඉහළ යාමද සිදුවීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments