Tuesday, November 18, 2025
Homeදේශපාලනපාර්ලිමේන්තුවේ ජනපති අසුනෙන් ලාංඡනය ගැලවෙයි

පාර්ලිමේන්තුවේ ජනපති අසුනෙන් ලාංඡනය ගැලවෙයි

පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයාට වෙන් කර ඇති ආසනයෙන් පළමු වරට ජනාධිපතිවරයාගේ ලාංඡනය ඉවත් කර තිබෙනවා.

ඊට රාජ්‍ය ලාංඡනය යෙදීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ධජය සහ ලාංඡනය අහෝසි කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය අනුව මෙම තීරණයට එළඹි බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළඹෙන බදාදා පෙරවරු 10යි 30ට නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කිරීමට නියමිතයි.

ඊට අදාළ කටයුතු ද මේ වනවිට සූදානම් කරමින් පවතින බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ.

නව සැසිවාරය ආරම්භයේදී ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments