Homeසියලුම පුවත්පාසල් දරුවන්ගෙන් 20%කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන්

පාසල් දරුවන්ගෙන් 20%කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන්

මෙරට පාසල් දරුවන්ගෙන් පහෙන් එකකට වැඩි පිරිසක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් Dr. Anil Jasinghe මහතා පවසයි.
ජාතික පෝෂණ මාසයට සමගාමීව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, කුඩා වියේදී මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් යොවුන් හා වැඩිහිටි වියට පැමිණීමේදී ස්ථූලභාවයට පත්වීමේ අවදානමක් පවතින බවයි.
ඔහු ඉදිරිපත් කළ දත්ත අනුව, වයස අවුරුදු 5ට වැඩි දරුවන් අතර මිටි බව සියයට 10.1ක්, ක්ෂයවීම සියයට 8.1ක් සහ බර අඩුකම සියයට 16.1ක් ලෙස වාර්තා වී තිබේ.
එමෙන්ම, වැඩිහිටි කාන්තාවන්ගෙන් සියයට 47ක් සහ පිරිමින්ගෙන් සියයට 30ක් අධික බර හෝ ස්ථූලභාවයෙන් පෙළෙන බවද ඔහු පෙන්වා දී ඇත.
සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ, ළමා වියේ පෝෂණ ගැටලු නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ඉදිරි කාලයේදී බෝ නොවන රෝගවල අවදානමද ඉහළ යා හැකි බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments