බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 303ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 262ක් පමණක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 79ක් රැස් කළ අතර, නායක කුසල් මෙන්ඩිස් වේගවත් ලකුණු 72ක ඉනිමක් ක්‍රීඩා කළේය.
මීට අමතරව චහරිත් අසලන්ක ලකුණු 45ක් සහ ජනිත් ලියනගේ නොදැවී ලකුණු 44ක් රැස් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව ඉක්මවා ගෙන යාමට දායක වූහ.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත
බටහිර ඉන්දීය කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්

