ඉන්ධන මිල සංශෝධනයත් සමඟ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් පාසල් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට සිදුවිය හැකි බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය සඳහන් කරයි.
එහි ලේකම් මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසුවේ, දෙමාපියන්ට අධික බරක් නොවන ආකාරයෙන් සාකච්ඡා කර යම් ප්‍රමාණයකින් ගාස්තු සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවයි.
මීට පෙර ඩීසල් මිල ඉහළ ගිය අවස්ථාවලදී ගාස්තු සංශෝධනයක් නොකළද, වර්තමාන තත්ත්වය හේතුවෙන් මෙවර යම් මුදලකින් ගාස්තු වැඩි කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යාමේ ඉඩක්

