Tuesday, November 18, 2025
Homeසියලුම පුවත්පාස්කු ප්‍රහාරය – චැනල් 4 බොරු පැතිර වූ බව කියා අපරාධකරුවන් සැඟවීමේ...

පාස්කු ප්‍රහාරය – චැනල් 4 බොරු පැතිර වූ බව කියා අපරාධකරුවන් සැඟවීමේ වෑයමක්

ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව බොරු ප්‍රචාරයන් දියත් කර ඇතැයි ප්‍රකාශ කරමින් සැබෑ අපරාධකරුවන් තව දුරටත් සඟවා තැබීමේ වෑයමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව යෙදී සිටින බවට තොරතුරු අනාවරණය වේ.

චැනල් 4 නාළිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධ වීඩියෝව විකාශනය කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසි වාරය ඉලක්ක කර ගෙන ද්වේෂ සහගත අරමුණකින් බව ආණ්ඩුව වෙනුවෙන් කරුණු දක්වන පිරිස මේ වනවිට විශාල වශයෙන් ප්‍රචාරය කරමින් සිටී. ඊට අමතරව එම වීඩියෝවට කරුණු දැක්වූ අසාද් මවුලානා මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ කිසිම අවස්ථාවක හමුවී නැති බවත් ආණ්ඩුවේ ප්‍රචාරකයන් විසින් පුනපුනා දක්වමින් එම ම්ලේච්ඡ අපරාධයේ වගඋත්තරකරුවන් තවදුරටත් වසන් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව මේ වනවිට තහවුරු වී ඇත.

ආණ්ඩුවේ සියලු මාධ්‍ය සහ ඔවුන්ට හිතවත් ජාවාරම්කරුවන්ගේ මාධ්‍ය යොදා ගනිමින් චැනල් 4 නාළිකාව බොරු ප්‍රචාරයක් දියත් කළ බවට ආණ්ඩුවට හිතවත් විවිධ පාර්ශවයන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් නැවත නැවතත් ප්‍රචාරය කරමින් සිටී. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අමතරව මොහාන් සමරණායක වැනි පුද්ගලයන් ද මෙම ප්‍රචාර සඳහා මේ වනවිට යොදා ගෙන තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments