Thursday, November 13, 2025
Homeදේශීයපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් කමිටුවකට රනිල් සූදානම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් කමිටුවකට රනිල් සූදානම්

චැනල් 4 නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා වීඩියෝව මුදාහැරීමත් සමග රටතුළ මෙන්ම ජාත්‍යංතර වශයෙන්ද ඇති වූ ආන්දෝලනාත්මක තත්වය හමුවේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටු වීමට සූදානමින් සිටින බව අනාවරණය වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට නිරතව සිටින ජර්මන් නිල සංචාරය අවසන් කර මෙරටට පැමිණ සතියක් ඇතුළත අදාළ කොමිෂන් සභාව නම් කිරීමට සූදානමින් සිටින බවත් ලබන වර්ෂයේ මුල පැවැත්වීමට සැළසුම් කරමින් සිටින මහා මැතිවරණය ආසන්නයේ අදාළ වාර්තාව ලබා ගැනීමට කල් නියම කරන බවත් මේ වනවිට හෙළිවී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු සහ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු එම කොමිසම සඳහා මේ වනවිටත් හඳුනාගෙන ඇතැයි හෙළිවේ.

එහෙත් පොහොට්ටු ආණ්ඩුවේ බහුතර මැති ඇමතිවරුන්ගේ මතය වී තිබෙන්නේ චැනල් 4 නාලිකාව මගින් විසුරුවා හරින ලද එම වාර්තා විඩියෝව සම්පූර්ණයෙන්ම ගොතන ලද එකක් බව ජනතාවට තහවුරු කළ යුතු බවය. එසේ තහවුරු කිරීමෙන් අදාළ ආන්දෝලනාත්මක තොරතුරු නොසලකා හැරිය යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ. මෙම කොමිසම පිහිටුවීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් තීන්දුවකට මේ දක්වා එළඹ නැතැයිද යම් හෙයකින් කොමිසම පිහිටවුව හොත් රාජපක්ෂ පවුලට දේශපාලනික වශයෙන් දැඩි අවාසි සහගත තත්වයක් අත්කර දී මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය එම වාර්තා පාවිච්චි කිරීම මූලික සැළසුම වී ඇති බව මේ වනවිට හෙළිවේ

RELATED ARTICLES

Most Popular

Recent Comments