2019 පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදාළ නඩුවේ වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් 15 දෙනාට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (22) රාත්රියේ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 0
ඒ අනුව විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 200 බැගින්ද, තවත් පස් දෙනෙකුට වසර 220 බැගින්ද, විත්තිකරුවන් සිව්දෙනෙකුට වසර 240 බැගින්ද, එක් විත්තිකරුවෙකුට වසර 260ක සිරදඬුවමක්ද නියම කර තිබේ. 1
එමෙන්ම වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනා සතු සියලු නිශ්චල හා චංචල දේපළ රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර ඇත. 2
පාස්කු ඉරුදින ප්රහාරයට අදාළව කුමන්ත්රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර, ඉන් 15 දෙනෙකු වරදකරුවන් කර අනෙක් විත්තිකරුවන් 9 දෙනා නිදොස්කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය. 3
අදාළ නඩුවේ සාක්ෂි විභාගය වසර පහකට ආසන්න කාලයක් පැවති අතර, එය ඉකුත් අගෝස්තු 24 වනදා අවසන් කර තිබුණි. නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබේ. 4
ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් ලෙස නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරු කටයුතු කළහ. 5
වරදකරුවන් වූ විත්තිකරුවන් අතර නවුෆර් මවුලවි, ගෆූර් මාමා හෙවත් මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බේ ඇතුළු 15 දෙනෙකු සිටින අතර, ඔවුන්ට නියම කළ සිරදඬුවම් වසර 200 සිට 260 දක්වා වේ. 6
පාස්කු ප්රහාරයට අදාළ මෙම නඩු තීන්දුව වසර ගණනාවක් පැවති දීර්ඝ නීති කෘත්යයක අවසානය සනිටුහන් කරයි.
“`7

