පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තවත් කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, විමර්ශන මේ වනවිටත් යහපත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.
ඉදිරියටත් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව විමර්ශන නිවැරදිව සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයටද කරුණු ඉදිරිපත් කර ඇති අතර, ඉක්මනින් ඒවා අවසන් කිරීමට හැකි වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.
එමෙන්ම, පාස්කු ප්‍රහාරය ඇතුළු රට තුළ සිදු වූ නීතිවිරෝධී ක්‍රියා, අල්ලස්, දූෂණ සහ මූල්‍ය වංචා පිළිබඳ විමර්ශනද පූර්ණ විනිවිදභාවයෙන් යුතුව සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.
මේ අතර, මැයි දිනය වෙනුවෙන් රටපුරා පැවැත්වීමට නියමිත සියලුම රැලි සඳහා අවශ්‍ය ආරක්ෂක සැලසුම් සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාස්කු විමර්ශන ඉක්මනින් අවසන් කරන බව ඇමති විජේපාල කියයි

