වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමකට ලක් වූ ‘සගරිකා’ දුම්රිය මේ වනවිට සාර්ථකව යළි පීලිගත කර ඇති බව වාර්තා වේ.
අදාළ දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානය වෙත යොමු කර ඇති අතර, ඊයේ (24) උදෑසන සිදුවූ මෙම අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබුණි.
අනතුරෙන් පසු ඊයේ රාත්රියේදී එක් දුම්රිය මාර්ගයක් ගමනාගමනය සඳහා විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
අද වනවිට බොහෝ හානි යථා තත්ත්වයට පත් කර ඇති අතර, ඉතිරි අලුත්වැඩියා කටයුතුද කඩිනමින් නිම කිරීමට නියමිත බව සඳහන් වේ.
එමෙන්ම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනය මේ වනවිට බොහෝ සෙයින් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවද වාර්තා වෙයි.
පීලි පැනූ ‘සගරිකා’ දුම්රිය යළි පීලිගත කරයි

