Homeසියලුම පුවත්පුරාවිද්‍යා දෙසතිය හෙටින් ඇරඹෙයි

පුරාවිද්‍යා දෙසතිය හෙටින් ඇරඹෙයි

දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව සංවිධානය කර ඇති පුරාවිද්‍යා දෙසතිය හෙට (07) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, මෙරට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන ඒවායේ කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.
මෙම ව්‍යාපෘතිය යටතේ පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු අදියර ලෙස හෙට ආරම්භ වන පුරාවිද්‍යා දෙසතිය තුළ ස්ථාන 100ක සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද ඔහු පැවසීය.
පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීම සඳහා ජනතා සහභාගිත්වය ඉහළ නැංවීමේ අරමුණින් අදාළ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන “ප්‍රජා සංරක්ෂණ කමිටු” පිහිටුවීමටද පියවර ගෙන තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments