Monday, February 24, 2025
Homeදේශීයපොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට...

පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

පත්කිරීම, විනයානුකූලව කටයුතු කිරීම සහ ස්ථාන මාරු කිරීම පොලිස්පතිවරයාට සිදුකළ නොහැකි නම් එම පොලිස්පතිවරයා නාමික පොලිස්පතිවරයකු වන බවත් එහිදී පොලිස්පතිවරයාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වන බවත් ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

ස්ථානාධිපතිවරුන් පත්කිරීම යන්න පිළිබදව අප වැරදි මතයක සිටි බවත් එය නීතිපතිවරයාට ඉදිරිපත් කර ලබාගත් අර්ථනිරූපණයේ දැක්වෙන්නේ ස්ථානාධිපතිවරුන් පත්කිරීමක් නොව ස්ථානාධිපතිවරු ස්ථාන මාරු කිරීමක් බවත් වැඩබලන පොලිස්පතිවරයා කීය.

ස්ථානාධිපතිවරුන් ඉවත් කිරීමට දිගින් දිගටම ඉල්ලා සිටි අතර ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම පොලිස්පතිවරයාට පැවැරිය යුතුය යන්න දැඩි ස්ථාවරයේ සිටි බව කී ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ පොලිසියේ විනය පිරිහීමට එය එක් හේතුවක් ලෙස දැක්විය හැකි බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments