බදුල්ල – මහියංගනය මාර්ගයේ මැඩිතලේ ප්‍රදේශයේදී ලොරි රථයක් නිවසක් මතට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් නිවසේ සිටි පියෙකු සහ ඔහුගේ පුත්‍රයා මෙන්ම ලොරි රථයේ රියදුරු සහ රිය සහායකවරයා බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
බදුල්ල සිට මහියංගනය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට වාර්තා වේ.
ලොරිය අනතුරට පත්වීමට පෙර මාර්ගයේ නවතා තිබූ ත්‍රීරෝද රථයකද ගැටී ඇති අතර, අනතුරුව අඩි 75ක පමණ ප්‍රපාතයක පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නිවසක් මතට පෙරළී තිබේ.
අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

