Sunday, November 16, 2025
Homeදේශීයබසයක් මතට ගසක් කඩා වැටේ:පහක් මරුට

බසයක් මතට ගසක් කඩා වැටේ:පහක් මරුට

ලිබර්ටි වටරවුම අසලදී බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් බසයේ ගමන් ගත් පස් දෙනකු මියගිය බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් කීය.

මියගිය සියලු දෙනා පිරිමි පුද්ගලයන් බව පොලිසිය කියයි. 

මතුගම ඩීපෝවට අයත් මෙම බසය දෙනියායේ සිට කොළඹට පැමිණ යළි දෙනියාය බලා ධාවනය වෙද්දි මෙම අනතුර සිදුව තිබේ. අනතුරුත් සමග පොලිසිය,යුද හමුදාව සහ ගලවා ගැනීමේ මෙහෙයුම් නිලධාරීන් එක්ව බසයේ සිරවී සිටි පිරිස මුදා ගෙන රෝහලට රැගෙන ගොස් ඇත. 

බසයට සහ ගසට සිරවිමෙන් තුවාල ලබා සිටි සිටි පිරිසෙන් පස් දෙනකු මෙසේ මියගොස් ඇත.

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දි ලංගම බස් රථයක් මතට විශාල ගසක් කඩාවැටීමෙන් 17 දෙනකු රෝහල් ගත කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

තවත් දෙදෙනකු බස් රථය තුළ සිර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

කොළඹ සිට වැල්ලවත්ත දෙසට බස් රථය ගමන් කරමින් සිටියදී මෙම ගස බස් රථය මැදට ගස කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments