Homeසියලුම පුවත්බස්නාහිරින් ඩෙංගු රෝගීන් 35,000කට ආසන්නයි - මරණ 46 දක්වා ඉහළට

බස්නාහිරින් ඩෙංගු රෝගීන් 35,000කට ආසන්නයි – මරණ 46 දක්වා ඉහළට

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව, බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වී තිබේ.

2026 වසරේ මේ දක්වා දිවයින පුරා හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,064ක් වන අතර, ඩෙංගු ආසාදනය හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව අද (10) වන විට 46 දක්වා ඉහළ ගොස් ඇත.

දිස්ත්‍රික්ක අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 13,556කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,355ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 4,699ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 4,425ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, නිවාස හා පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීම සහ උණ රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොකර වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ ජනතාවට නැවතත් අවධාරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments