Homeසියලුම පුවත්බස් ගාස්තු ගැන ගැමුණුගෙන් අනාවැකියක්

බස් ගාස්තු ගැන ගැමුණුගෙන් අනාවැකියක්

ඉහළ ගිය ඉන්ධන මිල හේතුවෙන් දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
බස් හිමියන්ගේ පාඩු අවම කර ගැනීමට රජය විසින් සහන නොදෙන්නේ නම්, ලබන මාසයේ සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ගාස්තු 20% කට ආසන්න ලෙස ඉහළ යා හැකි බවද ඔහු පෙන්වා දෙයි. එහිදී අවම බස් ගාස්තුව රුපියල් 35 ඉක්මවා යා හැකි බවද සඳහන් කරයි.
මේ අතර, පවතින තත්ත්වය හේතුවෙන් ගමන් වාර සංඛ්‍යාව සීමා කිරීමට පියවර ගනිමින් සිටින බවත්, ඒ සම්බන්ධව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්ට ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments