Friday, November 14, 2025
Homeදේශපාලනබ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉවත් වෙයි

බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉවත් වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය තනතුරෙන් ඉල්ලා අස් වුණා.

මීට ටික වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් කළ බොරිස් ජොන්සන් කියා සිටියේ ” ලොව හොඳ ම රැකියාව අත් හැරීමට සිදු වීම කණගාටුවට කරුණක්” බවයි.

ලන්ඩනයේ ඩවුනිං වීදියේ අංක 66 දරණ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටට පැමිණ මෙම විශේෂ ප්‍රකාශය කළ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව හරහා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් වන තුරු අග්‍රාමාත්‍ය තනතුරේ වැඩ බලන බවයි.

ලොව ශ්‍රේෂ්ඨතම ජාතියට සේවය කිරීම පිණිස තමන්ට අවස්ථාව ලබා දීම පිළිබඳව ජනතාවට ස්තූති කළ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට පෙර පාලක කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ද ඉල්ලා අස් වුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments